Terms and Conditions

Please read these terms and conditions carefully before placing a booking. By confirming a reservation, you agree to comply with these requirements.

  • මේ ඔබ පිවිසෙන්නේ වයඹ පළාත් සභාව සතු " මහගෙදර " සංචාරක නිකේතනයයි.
  • ඔබගේ / ඔබ සැමගේ විනිත හා ගෞරවාන්විත හැසිරීම බෙහෙවින් අගය කරමු.
  • " මහගෙදර" සංචාරක නිකේතනය සතු භෞතික සම්පත් විධිමත්ව සුරක්ෂිතව හා ක්‍රමානුකූලව භාවිතා කළ යුතු වේ. එසේ නොවන අවස්ථා වලදී අලාභය ගණනය කිරීමට සිදුවනු ඇත.
  • කාමර, දේශන ශාලා පහසුකම් හෝ සම්පුර්ණ සංචාරක නිකේතනය හෝ වෙන්කර ගැනීම අවම වශයෙන් පැය 48 කට පෙර කළ යුතු වේ.
  • වෙන් කිරීමට අදාළ අයදුම්පත්‍රයෙහි ඔබගේ අවශ්‍යතාවය විධිමත්ව සටහන් කළ යුතු වේ. (කාමර පහසුකම්, ආහාර පාන ආදිය)
  • රාජ්‍ය නිලධාරීන් සඳහා වෙන්කිරීමේදී වෙන්කරනු ලබන නිලධාරීන්ගේ සේවා සහතිකය සමඟ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් ලබාදීමට කටයුතු කළ යුතුයි.
  • කාමර වෙන්කිරීමේදී නියමිත වේලාවට පැමිණ නියමිත කාලය අවසානයේදී ඉවත්ව යාමට කටයුතු කළ යුතු වේ. නියමිත කාලයෙන් පසුව අමතර ගාස්තු අයකිරීමට සිදුවනු ඇත.
  • වෙන් කළ දිනය හා දිනයන් වෙනස් වන්නේ නම් අදාළ දිනට සතියකට පෙර දැනුම්දිය යුතු වේ.
  • විවාහ උත්සව ප්‍රිය සම්භාෂණ වලදී දේශීය ආහාර හා දේශීය සංගීතයට පුමුඛතාවයක් ලබාදීමට කටයුතු කිරීම වැදගත් වන අතර, මෙම පරිශ්‍රය අවට අධික ශබ්ද පිටවන ලෙස කටයුතු නොකළ යුතු වේ
  • උත්සව අවස්ථාවන් හිදී සංගීත භාණ්ඩ භාවිතය සහ ගීත ගායනා කිරීම රාත්‍රී 10.30 පසුව නොකළ යුතු අතර දේශීය සංගීත භාණ්ඩ උපයෝගී කර ගනිමින් ගීත ගායනා කිරීම කළ යුතු වේ.
  • සේවා පහසුකම ලබාගත් පසුව නියමිත ගෙවීම් එදිනම කළ යුතු වේ.